ද්විපාර්ශ්වික රාජ්‍යතාන්ත්‍රික උපාය මාර්ගය අරමුණු කරමින් ඉන්දුනීසියාවේ ගුවන් හමුදාවට සැහැල්ලු ගුවන් යානා සහ නෞකා නාශක බ්‍රාමොස් මිසයිල පිරිනැමීමට ඉන්දියාව පියවර ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එම මිසයිල හා සැහැල්ලු ගුවන් යානා ඉන්දුනීසියාවේ සමුද්‍රීය නිරීක්ෂණය සහ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා තීරණාත්මක අවශ්‍යතා සපුරනු ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.
වර්ග කිලෝමීටර් මිලියන 6කට වඩා විහිදී ගිය ලෝක ආර්ථික කලාප අතර 6 වැනි තැන පසුවන ඉන්දුනීසියාව ප්රචණ්ඩ ක්‍රියාවලට එරෙහිව එරට ස්වෛරීත්වය ආරක්ෂා කරගැනීමට ප්‍රමුඛස්ථානය ලබා දී ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළා.
ඉන්දියාව විසින් නවීකරණය කරනු ලැබූ කිලෝමීටර් 290ක දුර ප්‍රමාණයකට එල්ල කළ හැකි බ්‍රාමෝස් මිසයිල සමඟ සැපයීමට නියමිත එම බහුකාර්ය සැහැල්ලු ගුවන් යානා සමුද්‍රීය ආරක්ෂාව තහවුරු කිරීමට ඉවහල් වනු ඇතැයි ඉන්දුනීසියාවේ විශ්වාසය වී ඇතැයි ද වාර්තා වනවා.
ඉන්දුනීසියාවේ සමුද්‍රීය දේශසීමාවේ ආරක්ෂාව ශක්තිමත් කිරීමට එරට ගුවන් හමුදාව එම සැහැල්ලු ගුවන් යානා සහ මිසයිල භාවිත කිරීමට නියමිත බව ද වාර්තා වනවා.