Latest News

Red Meat වැඩියෙන් කන අයට සෞඛ්‍ය ගැටළු වැඩි වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Red Meat වර්ග නිරතුරුව ආහාරයට ගැනීම තුළින් සෞඛ්‍ය ගැටළු රැසක් ඇති විය හැකි බවට නවතම අධ්‍යයනයක දී අනාවරණය වී තිබෙනවා.

මෙම අධ්‍යයනය සඳහා වයස අවුරුදු 49 පසුවන පුද්ගලයන් 133,000 කට වැඩි පිරිසකගේ දත්ත විශ්ලේෂණය කර තිබෙන බවයි පැවසෙන්නේ.

ඒ අනුව දෛනිකව බේකන්, Bolonga සහ Hot Dogs වැනි විද්‍යාගාරවල දී සකසන ලද Red Meat වර්ග යොදා සැකසූ ආහාර හතරෙන් එකක් හෝ දහයෙන් එකකට ව්අඩා අඩු ප්‍රමාණයක් අනුභව කරන පුද්ගලයන්ට ඩිමෙන්ෂියා රෝගී තත්වය වැළදීමේ අවදානම 13% කින් පමණ ඉහළ ගොස් තිබෙන බවයි එහිදී හදුනාගෙන ඇත්තේ.

කෙසේ වෙතත් පර්යේෂකයන්ගේ අදහස වී ඇත්තේ Red Meat සහ ඩිමෙන්ෂියා රෝගී තත්වය අතර සම්බන්ධයක් පවතින බවයි.

සාමාන්‍යයෙන් දිනකට සකසන ලද රතු මස් වර්ග වැඩි වශයෙන් ආහාරයට ගන්නා පුද්ගලයන්ගේ මොළය වයසට යෑම වසර 1.6 කින් වේගවත් වන බව ද මෙම අධ්‍යයනය ඔස්සේ හෙළි වී තිබෙනවා.

මෙවැනි පසුබිමක් තුළ අධ්‍යයනය සදහා සම්බන්ධ වූ පුද්ගලයන් 11,000 කට වැඩි පිරිසකට ඩිමෙන්ෂියා රෝගී තත්වය පවතින බවයි වැඩිදුරටත් හදුනාගෙන ඇත්තේ.

World News

Send your contact Details Today