Latest News

ශ්‍රී ලංකාවේ දරුවන් අතර දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ මානසික රෝගවල ඉහළ යාමක්

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකාවේ දරුවන් අතර දියවැඩියාව (Type 2) සහ හේතුවක් නොමැතිව අධික රුධිර පීඩනය මේ වන විට ඉහළ යමින් පවතින බව, ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ අධ්‍යයනාංශයේ මහාචාර්ය රුවන්ති පෙරේරා මහත්මිය ප්‍රකාශ කරනවා.

එසේම අක්මාවේ රෝගී තත්ත්ව සහ පෙණහලු රෝගද මෙරට දරුවන් අතර ඉහළ යමින් පවතින බවයි ඇය පෙන්වා දෙන්නේ.

ඒ අනුව බෝ නොවන රෝගවලින් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා දෙමාපියන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත්, එහිදී සෞඛ්‍යවත් ආහාර රටාවකට දරුවන් නැඹුරු කිරීම අත්‍යවශ්‍ය වන බවත් මහාචාර්යවරිය අවධාරණය කර සිටියේ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේදී ඊයේ (15ද) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.

මීට අමතරව දරුවන් අතර දක්නට ලැබෙන මානසික රෝගද නිරන්තරයෙන් වාර්තා වන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.

World News

Send your contact Details Today