Latest News

බංග්ලාදේශයෙන් මූල්‍ය වංචා චෝදනා එල්ල වූ බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ලේකම්වරිය ඉල්ලා අස්වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බංග්ලාදේශයේ න්‍යෂ්ටික බලාගාරයක් ඉදි කිරීමේ ව්‍යාපෘතියේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් බිලියන 5ක වංචාවකට සම්බන්ධ බවට චෝදනා එල්ලවීමේ පීඩනය හමුවේ බ්‍රිතාන්‍ය භාණ්ඩාගාර ලේකම් තුලිප් සිද්දීකි සිය ධුරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

බංග්ලාදේශයේ හිටපු අගමැතිනිය ශෙයික් හසීනාගේ ඥාති දියණියක වන තුලිප් එම වංචාවට හවුල් වූ බව බංග්ලාදේශයේ දූෂණ විරෝධී කොමිසම විසින් හෙළිකර තිබුණා.

තුලිප්ට එල්ලවී ඇති දූෂණ වංචා චෝදනා සම්බන්ධව පිළිගත හැකි සාක්ෂි නැති බව බ්‍රිතාන්‍ය අගමැතිවරයාගේ ජ්‍යෙෂ්ඨ උපදේශක ශ්‍රීමත් ලොරී මැග්නස් ප්‍රකාශ කර ඇති අතර, ශෙයික් හසීනා සමඟ සමීප සම්බන්ධතාවක් පැවැත්වීමෙන් එවැනි අවදානමකට ලක්වනු ඇතැයි තුලිප් අවධානයෙන් නොසිටීම කනගාටුවට කරුණක් බව ද සඳහන්.

ඇය ධුරයෙන් ඉවත්වීමට පෙර බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම ඇයට එරෙහිව දෙවැනි චෝදනාවත් එල්ල කර තිබූ බවයි වාර්තා වන්නේ.

රුසියානු සමාගමක් විසින් මෙහෙයුම් කටයුතු සිදු කළ ඩකා අගනුවර සිට කිලෝමීටර් 160ක පමණ දුරින් පිහිටි රූපූර් න්‍යෂ්ටික බලාගාර ව්‍යාපෘතියේදී අගමැතිනි ශෙයික් හසීනා සහ ඇගේ පුත්‍රයා වන සජීබ් වසීඩ් සමඟ එක්ව එම මහ පරිමාණ මූල්‍ය වංචාව සිදු කළ බවට බංග්ලාදේශ දූෂණ විරෝධී කොමිසම චෝදනා කර තිබුණා.

World News

Send your contact Details Today