අමෙරිකාවේ ලොස්ඇන්ජලීස් සහ අවට ප්රදේශවල පවතින ලැව් ගිනි පාලනය කිරීමට හැකි තත්ත්වයක් පවතින බව එරට ගිනි නිවීමේ සේවා අංශ විශ්වාසය පළ කරනවා.
කෙසේ වෙතත්, පවතින තද සුළං තත්ත්වය හේතුවෙන් එම කටයුතු තරමක් දුෂ්කර විය හැකි බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
දින ගණනාවක් තිස්සේ පවතින ලැව්ගිනි හේතුවෙන් 220,000ක පමණ මේ වන විට විදුලිය ඇනහිට තිබෙනවා.
එමෙන්ම, ලැව් ගිනි නිසා අක්කර 40,000කට වැඩි භූමි ප්රමාණයක් විනාශ වී ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.