Latest News

නෝර්ට්ජේ චැම්පියන්ස් කුසලානයෙන් ඉවතට

Published 7 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු අප්‍රිකාවෙන් බිහි වුණු විශිෂ්ට වේග පන්දු යවන්නෙකු වන ඇන්‍රිච් නෝර්ට්ජේ (Anrich Nortje) හට 2025 වර්ෂයේ චැම්පියන්ස් කුසලානය අහිමි වී තිබෙනවා.

කොන්දෙහි හටගත් ආබාධයක් හේතුවෙන් ඔහු ව තරගාවලියට එක් කරගත නොහැකි බවයි වාර්තා වන්නේ.

චැම්පියන් කුසලානය පමණක් නොව නෝර්ට්ජේ හට දකුණු අප්‍රිකාවට ඉතිරි සෙසු පන්දුවාර 20 තරගාවලි ද අහිමි වීමේ අවදානමක් පවතින බවත් පැවසෙනවා.

නෝර්ට්ජේ නොමැති වීම දකුණු අප්‍රිකාවට චැම්පියන්ස් කුසලානයේ දී ඉමහත් පාඩුවක් වනු ඇති බවත් වාර්තා වනවා.

පසුගිය ජුනි මාසයේ පැවති T20 ලෝක කුසලානයෙන් පසු නෝර්ට්ජේ කිසිදු ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවකට ක්‍රීඩා කර නොමැති අතර පාකිස්තානයට එරෙහි සුදු පන්දු තරගාවලිය සඳහා නැවත පැමිණීමට නියමිතව සිටි නමුත් පුහුණු සැසියක දී සිදු වූ ආබාධයකින් ඔහුගේ ඇඟිල්ල බිඳී යාමෙන් ආබාධයට ලක් වුණා.

මෙතෙක් නෝර්ට්ජේ වෙනුවෙන් කිසිදු ආදේශකයක් දකුණු අප්‍රිකාවෙන් නම් කර නැහැ.

කෙසේවෙතත් දකුණු අප්‍රිකාවේ සුදු පන්දුවේ පුහුණුකරු වන රොබ් වෝල්ටර් පැවසුවේ බොහෝ විට නෝර්ට්ජේ වෙනුවට ජෙරල්ඩ් කෝට්සි පැමිණීමට ඉඩකඩ ඇති බවයි.

World News