ටිබෙටයේ චීන බලධාරීන් භූමිකම්පාවලට ගොදුරු වූ කලාපයේ ප්‍රදේශවලට සහන සේවකයන්ට සහ බෞද්ධ භික්ෂූන්ට ඇතුළුවීම තහනම් කර ඇති බව කලාපයේ පදිංචිකරුවන් තිදෙනෙකු සහ පිටුවහල්ව සිටින ටිබෙට් ජාතිකයෙකු උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
කෙසේවෙතත් ඉකුත් සඳුදා සිට චීන බලධාරීන් පිරිසිදු කිරීම සහ ආරක්ෂක කටයුතු යන මුවාවෙන් හානියට පත් ප්‍රදේශයට භික්ෂූන් වහන්සේලා, සහන ස්වේච්ඡා සේවකයන් සහ ආධාර සපයන්නන් ඇතුළුවීම වළක්වා ඇති අතර ප්‍රවේශය අවහිර කළ බව නිවැසියන් ආරක්ෂක හේතූන් මත නිර්නාමික කොන්දේසි යටතේ පවසනවා.
භික්ෂූන් වහන්සේලාට එම ප්‍රදේශයට ඇතුළු වීම තහනම් කිරීම දිවි ගලවා ගත් අයට වේදනාකාරී වූයේ බෞද්ධ සම්ප්‍රදායට අනුව, පුද්ගලයෙකුගේ මරණයෙන් පසු පළමු සති හත තුළ සෑම සතියකම අවසානයේ යාඥා සහ චාරිත්‍ර පවත්වනු ලබන බැවින්.
ටිබෙටයේ අනෙකුත් ප්‍රදේශවල සිටින ටිබෙට් ජාතිකයන් මෙන්ම ඉන්දියාව, නේපාලය, භූතානය සහ වෙනත් රටවල විදේශගතව සිටින හෝ පිටුවහල්ව සිටින පුද්ගලයින් ද ඉකුත් සඳුදා පැවැති යාඥා කිරීමට රැස්ව තිබෙනවා.
ජනවාරි 7 වන දින නේපාල දේශසීමා ආසන්නයේ ඩිංග්රි ප්‍රාන්තයේ රික්ටර් පරිමාණයේ 7.1 ක භූමිකම්පාවක් බලපෑ අතර චීන රාජ්‍ය මාධ්‍ය පවසන්නේ එයින් පුද්ගලයින් 126 දෙනෙකු මිය ගිය බවයි.
එහෙත් ටිබෙට් ආරංචි මාර්ග පැවසුවේ ඩ්රම්ට්සෝ නගරයේ පමණක් අවම වශයෙන් පුද්ගලයින් 100 දෙනෙකු මිය ගිය බැවින් සංඛ්‍යාව වැඩි විය හැකි බවයි.
මෙම ව්‍යසනයෙන් පුද්ගලයන් 337 දෙනෙකු තුවාල ලබා ඇති අතර 60,000 කට වැඩි පිරිසක් අවතැන් වූ බව ද චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබුණා.