Latest News

සුපිරි බොලිවුඩ් නළු සයිෆ් අලී ඛාන්ට එල්ල වූ ප්‍රහාරයක් නිසා ශල්‍යකර්මයකට භාජනය කරයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බොලිවුඩ් නළු නිළි දෙපලක්වන සයිෆ් අලී ඛාන්ගේ සහ කරීනා කපූර්ගේ නිවසට ඇතුළු වූ පුද්ගලයෙකු විසින් තියුණු ආයුධයකින් එල්ල කළ ප්‍රහාරයකින් සයිෆ් අලී ඛාන් තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අද අලුයම 2.30ට පමණ මෙය සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ.

මෙම මංකොල්ලකරු සමග ඇතිවූ ගැටුමකින් අනතුරුවයි ඔහු මෙසේ තුවාල ලබා ඇති බව ද සඳහන්.

සැකකරු විසින් ඉන්දියාවේ මුම්බායිහි පිහිටි ඔවුන්ගේ නිවස මංකොල්ලකෑමට පැමිණි අවස්ථාවේදී සයිෆ් සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් නිදා සිට තිබෙනවා.

ඔහුට තුවාල හයක් සිදුව ඇති අතර, ඉන් දෙකක් ගැඹුරු තුවාල බවත්, එක් තුවාලයක් ඔහුගේ කොඳු ඇට පෙළට සමීපයේ සිදුව ඇති බවත්, වෛද්‍යවරුන් පවසනවා.

මුම්බායිහි රෝහලකට ඇතුළත් කර ඇති ඔහුට ශල්‍යකර්මයක් සිදු කරන බවයි ඔහු ඇතුළත් කර ඇති රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ.

World News

Send your contact Details Today