Latest News

දිල්ලියේ ගුවන් ගමන් 7ක් අවලංගු කරයි – 184ක් ප්‍රමාද වෙයි

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද අලුයම ඉන්දීය අගනුවර සහ අවට ප්‍රදේශවල ඇතිවූ ඝන මීදුම හේතුවෙන් දෘශ්‍යතාව පහල යාමෙන් ගුවන් ගමන් සහ දුම්රිය විශාල සංඛ්‍යාවක් ප්‍රමාද වී තිබෙනවා.

මේ වන විට ගුවන් ගමන් හතක් අවලංගු කර ඇති අතර තවත් ගුවන් ගමන් 184ක් ප්‍රමාද වී ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

මේ නිසා ගුවන් ගමන් පිළිබඳව යාවත්කාලීනව සිටින ලෙසයි ගුවන් මගීන්ට දැනුම් දී ඇත්තේ.

දිල්ලිය බලා යන දුම්රිය 26ක් පමණ ප්‍රමාද වී ධාවනය වන අතර දුම්රිය හයක් සඳහා වේලාවන් වෙනස් කර ඇති බව සඳහන්.

දෘශ්‍යතාව අඩු වීම හේතුවෙන් දිල්ලි සහ අවට නගරවල මාර්ග ගමනාගමනය ද මන්දගාමී වී තිබෙනවා.

දිල්ලියේ උදෑසන උෂ්ණත්වය සෙල්සියස් අංශක 09 ක් ලෙස වාර්තා වී ඇති අතර, සවස් කාලයේ සහ රාත්‍රියේ නැවතත් මීදුම ඇති වන බවට කාලගුණ කාර්යාලය පුරෝකථනය කර තිබෙනවා.

World News