Latest News

බයිඩන්ගෙන් ආන්දෝලනාත්මක තීරණයක්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කිරීමට අමෙරිකාව තීරණය කර තිබෙනවා.

සිරකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක කොටසක් ලෙස ජනාධිපති ජෝ බයිඩන් විසින් මෙම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

2015 දී බැරැක් ඔබාමාද මෙම ලැයිස්තුවෙන් කියුබාව ඉවත් කළ අතර, පසුව ජනාධිපති වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවට කියුබාව ඇතුළත් කළා.

අමෙරිකාවේ ත්‍රස්තවාදී අනුග්‍රාහක ලැයිස්තුවට කියුබාවට අමතරව උතුරු කොරියාව, සිරියාව සහ ඉරානය ඇතුළත් වී තිබෙනවා.

කෙසේ වෙතත් ඉවත්ව යන ජනාධිපති ජෝ බයිඩ්න් ගනු ලැබූ තීරණය සශෝධනය කරමින් නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි ත්‍රස්තවාදයට අනුග්‍රහය දක්වන රාජ්‍ය ලැයිස්තුවට කියුබාව ඇතුළත් කිරීමේ වැඩි අවස්ථාවක් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

World News

Send your contact Details Today