Latest News

පාකිස්තානය, දකුණු ආසියාවේ දරිද්‍රතාවයේ ඉහළම තැනට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පාකිස්තානය, දරිද්‍රතාව ඉහළම දකුණු ආසියාතික රට බවට පත්ව තිබෙනවා.

ඒ වාර්ෂික ගෝලීය කුසගිනි දර්ශකයේ 2024 නවතම වාර්තාවට අනුවයි.

පාකිස්තානයේ ජන ගහනයෙන් ආසන්න වශයෙන් 36%ක් ආහාර අනාරක්ෂිතභාවය අත්විදින බවයි එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ.

අකාර්යක්ෂම ආහාර බෙදා හැරිමේ පද්ධතිය, ස්වභාවික විපත් හා ගැටුම් හේතුවෙන් එරට කුසගින්න හා මන්දපෝෂණය ඉහළ ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලෝක දරිද්‍රතාවයෙන් පෙලෙන රටවල් හඳුනාගැනීමට සහ කුසගින්නෙන් පීඩාවට පත් ලෝක ජනතාවට සහන සැලසීම සඳහා 2006 වසරේ දී රටවල් 118ක් ඇතුලත්ව ආරම්භ කළ එම ලැයිස්තු ගත කිරිමේ 2015 වසරේ වාර්තාවේ පාකිස්තානය 68 වෙනි ස්ථානය පසුවුණා.

World News

Send your contact Details Today