දෝෂාභියෝගයට දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් (Yoon Suk Yeo) දකුණු කොරියානු දූෂණ විරෝධී විමර්ශකයින් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ අනුව යූන් සොක් යෝල් රැගත් රථ කිහිපයක් ඔහුගේ නිවසින් පිටව ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
අද (15) උදෑසන යුන් සොක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව ක්‍රියාත්මක කිරීම සඳහා දෙවනවරටත් විමර්ශකයින් ඔහුගේ නිල නිවසට ඇතුළු වුණා.
යූන් ගැන විමර්ශනය කිරීම සඳහා පොලිසිය සහ ආරක්ෂක අමාත්‍යාංශය සමඟ කටයුතු කරන දූෂණ විමර්ශන කාර්යාලයේ (CIO)විසින් පසුගිය දෙසැම්බර 03 වන දින යුද නීතිය පැනවීමට කෙටිකාලීන උත්සාහයකින් පසුව කැරැල්ලේ චෝදනා මත විමර්ශනය කරමින් සිටියදී මෙලෙස අත්අඩංගුවට පත්ව තිබෙනවා.
ජනාධිපතිවරයා මුල් වරට අත්අඩංගුවට ගැනීමට යාමේදී ඔහුගේ ආරක්ෂක අංශ හා පාක්ෂිකයන් විසින් වැළක්විමත් සමඟ අධිකරණය විසින් කලින් වරෙන්තුවක් දීර්ඝ කිරීමට අවසර ලබා දී තිබුණා.
මෙම වරෙන්තුව මඟින් විමර්ශකයන්ට පැය 48ක් දක්වා යූන් රඳවා තබා ගැනීමට ඉඩ සලසන අතර ඔහු තවදුරටත් රඳවා තබා ගැනීම සඳහා එම කාලය තුළ CIO අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් සඳහා ඉල්ලුම් කළ යුතු වනවා.
ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමත් සමඟ නිල නිවසින් පිටත ජනකායක් සිටින අතර, යූන්ගේ ආධාරකරුවන් සහ විවේචකයන්ගෙන් පිරී ඇති අතර, පොලිසිය නිලධාරීන් 1,000 ක් පමණ යොදවා තිබෙනවා.
පසුගිය 31වැනි දා දෝෂාභියෝගයක් හේතුවෙන් සිය ධුරය අහිමි වූ දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යෝල් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවකට එරට අධිකරණය අනුමැතිය ලබා දුන්නා.