අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛත්වය දුන් සටන් විරාමය සහ ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමේ ගිවිසුමක් ඵලදායී වීමට ඉතා ආසන්න බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මැදිහත්කරුවන් දෝහා හි පැවති සාකච්ඡා ඊයේ මධ්‍යම රාත්‍රියේ අවසන් කර ඇති අතර, ගිවිසුම අවසන් කිරීම සඳහා සාකච්ඡාකරුවන් අද නැවත හමුවීමට නියමිතයි.
මෙම ගනුදෙනුවට ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සහ ගාසා තීරයේ යුද්ධය අවසන් කිරීමේ සැලැස්මක් පිළිබඳ විස්තර ඇතුළත් බව සඳහන්.
මැදිහත්කරුවන් ඊයේ ඊශ්‍රායලයට සහ හමාස් සංවිධානයට මෙම ගිවිසුමේ අවසාන කෙටුම්පත් ලබා දී තිබෙනවා.
මෙම සාකච්ඡා සඳහා අමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයා සහ ජනාධිපති ධුරයට පත් වූ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් යන දෙදෙනාගේම නියෝජිතයන් සහභාගී වූ බව සඳහන්.
දෝහා හි සාකච්ඡාකරුවන් විසින් මෙහෙයවූ සටන් විරාම ගිවිසුමක පළමු අදියරේදී හමාස් සංවිධානය ප්‍රාණ ඇපකරුවන් 33 දෙනෙකු නිදහස් කරනු ඇතැයි අපේක්ෂා කරන බව ඊශ්‍රායල නිලධාරීන් පවසනවා.
ඊශ්‍රායල-හමාස් යුද්ධයේ සටන් විරාමයක් පෙනෙන්නට ඇති බවට මෙය මාස ගණනාවකට පසු ලැබුණු පළමු ධනාත්මක ලකුණ බවයි සී එන් එන් පවත් සේවය වාර්තා කරන්නේ.
මැද පෙරදිග අස්ථාවර කර ගාසා තීරය විනාශ කළ මාස 15 ක සටන් නැවැත්වීමට, පලස්තීන ප්‍රදේශයට වැඩි ආධාර ලබා දීමට සහ 2023 ඔක්තෝබර් 7 වන දින ඊශ්‍රායලයට පහර දීමෙන් පසු හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් නැවත පැමිණීම සහතික කිරීමට ගිවිසුමක් ඉක්මනින් ප්‍රකාශයට පත් කළ හැකි බවට මේ වන විට නිලධාරීන් ශුභවාදී අදහස් පළ කර තිබෙනවා.
ඊශ්‍රායල රජයට පවසන්නේ ඊශ්‍රායලයෙන් අල්ලා ගත් ප්‍රාණ ඇපකරුවන් 251 දෙනාගෙන් 34 දෙනෙකු මියගොස් ඇති බවයි.
ගිවිසුමේ පළමු අදියරේදී නිදහස් කිරීමට නියමිත ප්‍රාණ ඇපකරුවන් 33 දෙනාගෙන් වැඩි දෙනෙක් ජීවතුන් අතර සිටින බව ඊශ්‍රායලය පවසන අතර, නමුත් මියගිය අයගේ සිරුරු ද නිදහස් කරන අය අතර වනු ඇතැයි ඊශ්‍රායල විශ්වාස කරන බව සඳහන්.
ඊශ්‍රායල-හමාස් යුද්ධයේ සටන් විරාමයේ පළමු අදියර දින 42 ක ආරම්භක සටන් විරාමයක් යටතේ සිදුවනු ඇති.