Latest News

දකුණු කොරියාවේ ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ වෙයි

Published 16 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණය එරට ජනාධිපතිවරයාට එරෙහි දෝෂාභියෝග නඩු විභාගය ආරම්භ කර තිබෙනවා.

නමුත් යූන් නොපැමිණීම නිසා එය මිනිත්තු හතරක් ඇතුළත අවසන් කිරීමට සිදුවූ බවයි විදෙස් වාර්තා පවසන්නේ.

පසුගිය මාසයේ ජනපතිවරයා විසින් සිදු කරන ලද කම්පන සහගත හමුදා නීති පැනවීමේ උත්සාහයෙන් පසු, ඔහුගේ ජනාධිපති ධූරය අත්හිටවුණා.

එම නිසා යූන් සුක් යූල් ධුරයෙන් ඉවත් කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා පළමු නඩු විභාගයයි මෙලෙස ආරම්භ කර ඇත්තේ.

කෙසේ වෙතත් ජනපතිවරයාගේ නීතිඥයින් මීට පෙර පවසා තිබුණේ කැරැල්ලක් සම්බන්ධයෙන් වෙනම චෝදනා මත, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කර ඇති බැවින්, ඔහුගේම ආරක්ෂාව සඳහා ඔහු මෙම නඩු විභාගයට නොපැමිණෙන බවයි.

දෙසැම්බර් මාසයේදී, ඔහුගේම පක්ෂයේ සාමාජිකයන් ඔහුට එරෙහිව ඉදිරිපත් වූ දෝෂාභියෝගය විපක්ෂය සමඟ එකව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව, යූන්ගේ ජනපති ධූරය අත්හිටුවූවා.

කෙසේ වෙතත්, අට දෙනෙකුගෙන් යුත් විනිසුරු මඩුල්ලෙන් අවම වශයෙන් හය දෙනෙකු දෝෂාභියෝගය තහවුරු කිරීමට ඡන්දය දෙන්නේ නම් පමණක්, ඔහු නිල වශයෙන් ධුරයෙන් ඉවත් කරනු ඇති බව සඳහන්.

World News