Latest News

වෙරළට ආ අභිරහස් බෝල වර්ගයක් නිසා ඔස්ට්‍රේලියානු වෙරළ තීර 09 ක් වසා දැමේ (VIDEO)

Published 7 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අද (14) දිනයේ සිට සුප්‍රසිද්ධ මැන්ලි වෙරළ ඇතුළුව සිඩ්නි හි වෙරළ තීරයන් නවයක් ස්නානය කරන්නන් සඳහා වසා දැමීමට ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන තිබෙනවා.

ඒ වෙරළට ගසාගෙන ආ කුඩා සුදු සහ අළු පැහැති සුන්බුන් බෝල හේතුවෙන්.

ඔස්ට්‍රේලියානු උතුරු වෙරළ කවුන්සිලය පවසා ඇත්තේ එය ආරක්ෂිතව ඉවත් කිරීමට කටයුතු කරමින් සිටින බවයි.

මෙම බෝල හැඩැති සුන්බුන් සාම්පල බොහොමයක් කුඩා ජිල්බෝල ප්‍රමාණයෙන් යුක්ත ඒවාවන අතර සමහරක් ඊට විශාල බව සඳහන්.

පසුගිය ඔක්තෝබර් මාසයේදී ද ඔස්ට්‍රේලියාවේ බොන්ඩි ඇතුළු වෙරළ තීර අටක් දින කිහිපයක් වසා දමන ලද්දේ කළු පැහැති විශාල බෝල වෙරළට ගොඩ ගැසීම හේතුවෙන්.

ඉන් පසුව දින ගණනක් පුරා දැවැන්ත පිරිසිදු කිරීමක් නියම කෙරුණා.

පසුව කළ පරීක්ෂණවලින් පෙනී ගියේ එම බෝල අපද්‍රව්‍ය කාන්දුවක ප්‍රතිඵලයක් විය හැකි බවයි.

කෙසේ වෙතත් මෙලෙස ඔස්ට්‍රේලියානු වෙරළ 09 ක් වසා දැමීමට සිදුව ඇත්තේ ගිම්හාන නිවාඩු සමයේ උච්චතම අවස්ථාවේදී වීම විශේෂත්වයක්.

World News