Latest News

චීන ආක්‍රමණයකට, පිලිපීනය සූදානම් වන බවට තායිවාන පුවත් වාර්තා පළවෙයි

Published 17 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පිලිපීනය විසින් වෙරළබඩ නිරීක්ෂණ හැකියාවන් වැඩි දියුණු කිරීමට සූදානම් වන බව තායිවාන පුවත් වාර්තා කරනවා.

ඒ ජපානය විසින් සපයනු ලබන රේඩාර් Batanes දූපත්වල ස්ථාපනය කිරීමත් සමඟයි.

තායිවානයේ සිට කිලෝමීටර් 200කටත් අඩු දුරකින් පිහිටා ඇති මෙම රේඩාර් මගින් පිලිපීනය තායිවානයෙන් වෙන් කරන සහ චීනය ආක්‍රමණය කළහොත් පිලිපීන ජාතිකයන් තායිවානයෙන් ඉවත් කළ හැකි ගමනාන්තයක් වන බාෂි නාලිකාව නිරීක්ෂණය කිරීමේදී තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇති.

තායිවාන පුවත්වලට අනුව, 2023 දී, ජපානය නිල ආරක්ෂක සහය වැඩසටහනක කොටසක් ලෙස පිලිපීනයට ඩොලර් මිලියන 3.8 ක් වටිනා රේඩාර් පද්ධති පහක් ලබා දුන්නේ සමාන අදහස් ඇති මිත්‍ර පාක්ෂිකයින් සමඟ ආරක්‍ෂක සහයෝගීතාව ඉහළ නැංවීමේ සැළසුම යටතේයි.

ඕනෑම රටක පාලනයකින් තොරව බාෂි නාලිකාව විවෘතව තබා ගැනීමේ වැදගත්කම ජපාන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා අවධාරණය කළ බව CNA උපුටා දක්වමින් තායිවාන පුවත් වාර්තා කළා.

පිලිපීනය දැනටමත් එක්සත් ජනපදය සමඟ Batanes හි වාර්ෂික යුද අභ්‍යාස පවත්වමින් සිටින අතර, ජපානය ද ඉදිරි අභ්‍යාස සඳහා සහභාගී වනු ඇති.

World News