Latest News

TikTok ගැන Bloomberg විසින් කරන ලද වාර්තාවකට එම සමාගමෙන් ප්‍රතිචාර

Published 19 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය සිය TikTok සමාජ මාධ්‍ය සමාගමේ අමරිකානු මෙහෙයුම් එලොන් මස්ක්ට විකිණීමට අවසරදීම සලකා බලමින් සිටින බවට පළවන වාර්තාව, හුදෙක් ප්‍රබන්ධයක් බව එම සමාගම පවසනවා.

අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණය TikTok යෙදුම තහනම් කිරීම තහවුරු කළහොත්, චීන නිලධාරීන් අමරිකාවේ තම ව්‍යාපාරය ලොව ධනවත්ම පුද්ගලයාට විකිණීමට විකල්පයක් සලකා බලමින් සිටින බවට Bloomberg විසින් කරන ලද වාර්තාවකට ප්‍රතිචාර වශයෙන් එම සමාගම මෙම අදහස් පළකර තිබෙනවා.

TikTok සමාජ මාධ්‍ය සමාගමට අමරිකානු මෙහෙයුම් විකිණීමට හෝ රට තුළ තහනම් කිරීම සම්බන්ධයෙන් වන තීන්දුවක් එළඹෙන 19 වනදා අමරිකානු ශ්‍රේෂ්ඨාධිකරණ විසින් තීන්දුවක් ලබාදීමට නියමිතයි.

කෙසේ වෙතත් TikTok විසින් සිය අමරිකානු මෙහෙයුම විකිණීමේ සූදානමක් නැති බව නැවත නැවතත් පවසා තිබෙනවා.

මේ අතර එලෝන් මස්ක් විසින් ඉදිරියේ දී TikTok හි එක්සත් ජනපද මෙහෙයුම් පාලනය කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා පළවනවා.

මේ අතර පසුගිය මාසයේ ඩොනල්ඩ් ට්‍රම්ප් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේ තමා බලයට පත්වන තෙක් TikTok සම්බන්ධ තීරණය ප්‍රමාද කරන ලෙසයි.

ට්‍රම්ප්, අමරිකාව තුළ TikTok තහනම් කිරීමට විරුද්ධ වන බවත්, ඔහු බලයට පත් වූ පසු දේශපාලන ක්‍රම මගින් අත ළඟ ඇති ගැටළු විසඳීමට හැකියාව සොයන බවත්, පවසන නීතිමය ලිපියක් ඔහුගේ නීතිඥවරයා අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.

World News