Latest News

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව ඉහළට

Published 8 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව වාර්තා වනවා.

බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි.

මේ අතර ඉරිදා රාත්‍රියේ සිට බදාදා දක්වා වියළි සැන්ටා ඇනා සුළං නැවත ඉහළ යනු ඇති බවත්, එය පැයට සැතපුම් 60 දක්වා වේගයක් ලබා ගන්නා බවත් කැලිෆෝනියාවේ කාලගුණ අනාවැකිකරුවන් අනතුරු අඟවනවා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ‘පැලිසේඩ්ස්’ සහ ‘ඊටන්’ ගින්න පැතිරීම පාලනය කිරීම යම් ප්‍රගතියක් ලබා ගෙන ඇති බවයි.

ඇමරිකානු ගිනි නිවන භටයින්ට මෙන්ම සහයට පැමිණ සිටින කැනඩා සහ මෙක්සිකෝ ගිනි නිවන භටයින් මෙම ගින්න තව දුරටත් පැතිරීම වැලැක්වීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව සඳහන්.

මේ අතර ලැව්ගින්නෙන් මියගිය අයගෙන් 16 දෙනෙකු ‘ඊටන්’ ගින්නට හසුව මියගොස් ඇති අතර, අටදෙනෙකු ‘පලිසේඩ්ස්’ ගන්න පැතිරී ගිය කලාපයෙන් හමු වූ බවයි වාර්තා වන්නේ.

ලොස් ඇන්ජලීස් අවට ලැව්ගිනි තුනක් තවමත් සක්‍රියව පවතින අතර, විශාලතම ගින්න ‘පලිසේඩ්ස්’ බවයි වාර්තා වන්නේ.

එම ගින්න මේ වනවිට අක්කර 23,000 කට වඩා පැතිරී ගොස් ඇති අතර එට 11% ක් පාලනය කර ඇති බව සඳහන්.

‘ඊටන්’ ගින්න දෙවන විශාලතම ගින්න වන අතර, එය අක්කර 14,000 කට වඩා පැතිර ගොස් තිබෙනවා. මෙම ගින්නෙන් 27% ක් පාලනය කර ඇති බවයි ලොස් ඇන්ජලීස් බලධාරීන් සඳහන් කළේ.

World News