යුරෝපා සංගමය තුළ LTTE ත්‍රස්ත සංවිධානය තවදුරටත් තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට යුරෝපා සංගමය තීරණය කර තිබෙනවා.
ජුලි 26 වැනිදා සිට ඉදිරි මාස 06ක කාලයක් සඳහා එම තහනම ක්‍රියාත්මක බවයි ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය සදහන් කළේ.
යුරෝපා සංගමයේ පොදු ස්ථාවරය යටතේ තහනම් පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන ලැයිස්තුව යාවත්කාලීව කරමින් එල්ටීටීඊ යට පනවා ඇති තහනම මෙලෙස දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව තහනම් කරන ලද පුද්ගලයින්, කණ්ඩායම් සහ ආයතන යුරෝපා සංගමයේ සාමාජික රටවල එහි අරමුදල් සහ අනෙකුත් මූල්‍ය වත්කම් හෝ ආර්ථික සම්පත් රැස් කිරීම තහනම් වනු ඇති.