Latest News

ඉගිල්ලෙන රියදුරන් මට්ටු කරන්න, ශ්‍රී ලංකා පොලිසියට ලැබුණු අලුත්ම ගැජට් එක (PHOTOS)

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අධික වේගයෙන් වාහන ධාවනය කරන රියදුරන් හඳුනාගැනීමට ශ්‍රී ලංකා පොලිසිය විසින් අමරිකාවේ නිෂ්පාදිත නවීනතම වේග මාපක භාවිතා කිරීමට සූදානම් වනවා.

ලේසර් තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන මෙම වේග මාපක විශේෂයෙන් රාත්‍රී රථ වාහන මෙහෙයුම් සඳහා ද භාවිතා කිරීමට හැකිවන පරිදි නිෂ්පාදනය කර තිබෙන බවයි පොලිස් මූලස්ථානය පැවසුවේ.

මීගමුව, කැලණිය සහ ගම්පහ කොට්ඨාස භාර නිලධාරීන් වෙත සහ බස්නාහිර පළාත් රථ වාහන දකුණු කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා වෙත මෙම වේග මාපක උපකරණ කට්ටල 30 ක් සංකේතාත්මකව ලබා දීම ඊයේ (11) පොලිස් මූලස්ථානයේදී වැඩබලන පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා.

ඉදිරියේදි දිවයිනේ සියළුම පොලිස් කොට්ඨාසයන් ආවරණය වන පරිදි රථ වාහන අංශයන් වෙත මෙම වේග මාපක ලබා දී රථ වාහන නිලධාරීන්ට මෙම යන්ත්‍රය හැසිරවීමට අවශ්‍ය පුහුණුව ලබා දීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ.

World News

Send your contact Details Today