Latest News

ළැව් ගිනි මැද අමෙරිකාවට භූ කම්පනයක්

Published 5 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයට ඊයේ (10) සුළු භූ කම්පන තත්ත්වයක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලොස් ඇන්ජලීස්හි පැතිර යමින් තිබෙන මාරාන්තික ළැව් ගිනි සමගින් අමෙරිකාව සටන්කරමින් සිටින අතරතුර ඔවුන්ට මෙම භූ කම්පනයට මුහුණදීමට සිදුව තිබෙනවා.

ලොස් ඇන්ජලීස් හි ළැව් ගිනි පැතිර ප්‍රදේශයේ සිට සැතපුම් 350ක පමණ දුරකින් මෙම භූ කම්පනය ඇතිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ.

අමෙරිකාවේ වේලාවෙන් ඊයේ උදෑසන 7:02ට පමණ සැන් ෆ්‍රැන්සිස්කෝ බොක්ක ප්‍රදේශය අසල මෙම භූ කම්පනය සිදුව තිබුණා.

එය රික්ටර් මාපක 3.7ක් ලෙසයි සටහන් වී ඇත්තේ.

භූ කම්පනයේ කේන්ද්‍රය ගෝල්ඩන් ගේට් පාලමට සැතපුම් 5ක් පමණ නිරිත දෙසින් සහ අධිවේගී මාර්ගයට සැතපුම් 2ක් පමණ බටහිරින් වාර්තා වී තිබෙනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණය (USGS) වාර්තා කරන්නේ, භූ කම්පනය ප්‍රදේශයේ 5,000කට අධික පිරිසකට දැනී ඇති බවයි.

කෙසේ නමුත් මෙම භූ කම්පනයෙන් සිදු වූ ජීවත හානි හෝ වෙනත් අලාභහානි කිසිවක් වාර්තා වී නැහැ.

World News