Latest News

එලෝන් මස්ක්ගේ X සටහනකට, බ්‍රිතාන්‍ය අගමැතිගෙන් විවේචන

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

මීට දශකයකට පමණ පෙර ලොව පුරා දැඩි අවධානයට ලක්වූ එංගලන්තයේ බාලවයස්කාර දැරියන් 1,400කට වැඩි සංඛ්‍යාවක් දූෂණය කිරීමේ ආන්දෝලනාත්මක සිදුවීම යළි සිහිපත් කරමින් වින්දිතයන්ට මෙතෙක් සාධාරණය ඉටු වී නැති බවට අමෙරිකාවේ ප්‍රකෝටිපති ව්‍යාපාරික එලෝන් මස්ක් සිය X සමාජ මාධ්‍ය ජාලයේ සටහන් කර තිබෙනවා.

ඔහුගේ ප්‍රකාශයත් සමඟ එංගලන්තයේ ජනතාව අතර එම සිදුවීම යළි ඉස්මතු වී තිබෙන බවත්, මස්ක්ගේ එම ප්‍රකාශය බ්‍රිතාන්‍ය අගමැති ශ්‍රීමත් කීර් ස්ටාර්මර්ගේ දැඩි විවේචනයට ලක්වී තිබෙන බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළා.

බාලවයස්කාර දැරියන් අතර විශ්වාසය ඇතිකර ගනිමින්, ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ හිතමිතුරන් අතර සම්බන්ධතාව ගොඩනඟා ගනිමින් පසුව එම දැරියන් දීර්ඝ කාලයක් පුරා දූෂණයට ලක් කර තිබූ අතර, එම චෝදනාවට දඬුවම් ලැබූ පුද්ගලයන්ගෙන් 90% කට වැඩි පිරිස පාකිස්තාන සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පුරවැසියන් බවයි හෙළි වී ඇත්තේ.

World News

Send your contact Details Today