Latest News

චීනය විසින් තම ආර්ථිකය නංවාලීමට අලුත් වට්ටමක් හඳුන්වාදෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීනය විසින් තම ආර්ථිකය නංවාලීමට උත්සාහ කිරීමක් ලෙස නව භාණ්ඩ සඳහා 20%ක් දක්වා වට්ටමක් හඳුන්වාදී තිබෙනවා.

පසුගියදා චීනයේ රජයේ රැකියා ලාභීන්ට ද වැටුප් වැඩිකිරීමක් ලබා දුන්නා.

ඒ චීන වැසියන්ගේ ක්‍රය ශක්තිය වැඩිකිරීමේ අරමුණින්.

චීන රජය නිෂ්පාදන ලැයිස්තුවක් ද හඳුන්වාදීමට කටයුතු කර තිබෙනවා.

එම ලැයිස්තුවට මයික්‍රොවේව් උදුන්, පිගන් සෝදන යන්ත්‍ර, රයිස් කුකර් සහ ජල පිරිපහදු යන්ත්‍ර වැනි නිෂ්පාදන ඇතුළත් වනවා.

රාජ්‍ය අනුග්‍රහය ලත් මෙම වෙළෙඳ යෝජනාවට රූපවාහිනී, දුරකතන, ටැබ් සහ ස්මාර්ට් ඔරලෝසු මෙන්ම විදුලි සහ සාමාන්‍ය වාහන ද අයත්.

ලෝකයේ දෙවන විශාලතම ආරථිකය හිමි චීනය දුර්වල පාරිභෝගික ඉල්ලුමක් සහ ගැඹුරු දේපළ අර්බුදයක් ඇතුලු අභියෝග රැසකට මුහුණදෙමින් සිටිනවා.

World News

Send your contact Details Today