ඉතාලිය පුරා පොදු ප්‍රවාහන සේවා අද දිනයේදී වැඩ වර්ජනයක නිරත වනවා.
ඒ Faisa-Confail වෘත්තීය සමිතිය විසින් වැටුප් සම්බන්ධ ආරවුලක් හේතුවෙන් කැඳවන ලද සැලසුම්ගත ක්‍රියාමාර්ගයක් හේතුවෙන්.
ඒ අනුව පොදු ප්‍රවාහන සේවා වැඩ වර්ජනය බස්, උමං මාර්ග සහ ට්රෑම් රථ සේවාවලට බලපාන අතර සිකුරාදා වැඩ වර්ජන කාලසටහන් නගරයෙන් නගරයට වෙනස් වනු ඇති.
රෝමයේ වර්ජනය පෙරවරු 08.30 සිට 12.30 දක්වා පොදු ප්‍රවාහන සේවාවන්ට බලපානු ඇති බව නගර ප්‍රවාහන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවියට අනුව, මිලාන්හි ATM ප්‍රවාහන සේවා පෙරවරු 08.45 සිට 12.45 දක්වා ක්‍රියාත්මක නොවනු ඇති බවට අපේක්ෂා කෙරෙනවා.
එමෙන්ම ජනවාරි 10 වැනි සිකුරාදා, මිලාන් ලිනේට්, මිලාන් මල්පෙන්සා සහ වැනීසියේ මාර්කෝ පෝලෝ ගුවන් තොටුපළවල ගමන් මලු හසුරුවන්නන් පැය 24ක වැඩ වර්ජනයක් කිරීමට සැලසුම් කර ඇති අතර, ගුවන් තොටුපළ සේවා ප්‍රමාද වීම අපේක්ෂා කෙරෙනවා.
මේ අතර දුම්රිය නඩත්තු සේවකයින් ඊයේ (ජනවාරි 09 බ්‍රහස්පතින්දා) රාත්‍රී 09.00 සිට අද දින (ජනවාරි 10) එම වේලාව දක්වා පැය 24 ක වැඩ වර්ජනයක නිරත වීමට නියමිත අතර, දුම්රිය ගමනාගමනයට බාධා ඇති විය හැකියි.