පාප් වහන්සේ ඓතිහාසික තීරණයක් ගනිමින් වතිකානුවේ ප්‍රධාන කාර්යාලය භාර ප්‍රථම කාන්තාව ලෙස සොයුරී සිමෝනා බ්‍රැම්බිලා පත්කර තිබෙනවා.
ඒ අනුව 2025 ජනවාරි 06 වන දින ඇය කතෝලික සභාවේ සියලුම ආගමික නිකායන් අධීක්ෂණය කරන ජේසුයිට් සහ ප්රැන්සිස්කානු වැනි ප්රමුඛ නිකායන්ද ඇතුළත් කැප වූ ජීවිත ආයතන සහ අපොස්තලික ජීවිත සමාජ සඳහා වන ඩයිකැස්ටරියේ ප්‍රධානියා ලෙස පත්කර තිබෙනවා.
වයස අවුරුදු 59ක් වන සොයුරී බ්‍රැම්බිලා මීට පෙර එම ඩයිකැස්ටරියේ ලේකම් ලෙස සේවය කළ අතර කොන්සොලාටා මිෂනාරී නිකායේ මහා ප්‍රධානී ලෙසද කටයුතු කර තිබෙනවා.
ඇගේ පත්වීම සභාවේ නායකත්වයේ කාන්තා නියෝජනය ශක්තිමත් කිරීමට පාප් ෆ්‍රැන්සිස් වහන්සේ දරන අඛණ්ඩ උත්සාහයේ සැලකිය යුතු පියවරක් ලෙස සැලකෙනවා.
විවිධ වතිකානු කාර්යාලවල කාන්තාවන් නියෝජ්‍ය තනතුරු දරා තිබුණද, ශුද්ධ වූ සභා කූරියාවේ ඩයිකැස්ටරියක ප්‍රධානියා ලෙස කාන්තාවක් පත්කරනු ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.
2022 වසරේ පාප් වහන්සේගේ ප්‍රතිසංස්කරණ මගින් ගිහි පුද්ගලයින්ට සහ කාන්තාවන්ට ඩයිකැස්ටරි ප්‍රධානීන් වීමට අවස්ථාව ලබා දී ඇති අතර එය සභා පාලනයේ පුළුල් වෙනසක් පෙන්නුම් කරනවා.
මෙම දියුණුව තිබියදීත්, පූජකවරියන් ලෙස කාන්තාවන් සේවය කිරීමේ තහනම දිගටම පවත්වාගෙන යමින් පාප් ෆ්‍රැන්සිස් වහන්සේ සාම්ප්‍රදායික ස්ථාවරයන් පවත්වාගෙන යනවා.