Latest News

2030 වන විට ලොව වේගයෙන්ම වර්ධනය වන රැකියා පිළිබඳ තොරතුරු එළියට

Published 18 hours ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

2025 රැකියා පිළිබඳ අනාගත වාර්තාව ඉදිරිපත්කර තිබෙනවා.

ඒ ලෝක ආර්ථික සංසදය විසින්.

ඒ අනුව 2030 වන විට නව රැකියා මිලියන 170ක් නිර්මාණයවෙන බවයි එම වාර්තාවේ සඳහන් වන්නේ.

එමෙන්ම තවත් රැකියා මිලියන 92ක් අහිමිව යෑමක්ද පෙන්නුම් කළ හැකි බව ද එම වාර්තාවේ සඳහන්.

2030 වන විට වේගයෙන්ම වර්ධනය වන කුසලතා අතරට සංජානන කුසලතා සහ සහයෝගීතාවය වැනි මානව කුසලතා සමඟ තාක්ෂණික කුසලතා ඇතුළත් වෙන අතර වර්ධනය වන කුසලතා හිඩැස් පියවීම සඳහා රාජ්‍ය, පෞද්ගලික සහ අධ්‍යාපන අංශවල සාමූහික ක්‍රියාමාර්ග හදිසි අවශ්‍යතාවයක්ව ඇති බවත් එම වාර්තාවේ සඳහන් වනවා.

2030 වන විට රැකියා කඩාකප්පල් වීම රැකියා වලින් 22%කට සමාන වන බවත්, නව භූමිකාවන් මිලියන 170ක් නිර්මාණය කිරීමට සහ මිලියන 92ක් අවතැන් වීමට නියමිත බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස රැකියා මිලියන 78​​ක ශුද්ධ වැඩිවීමක් සිදුවනු ඇති බවත් එම වාර්තාවේ සඳහන්.

ගොවිපල සේවකයින්, රියදුරන් සහ ඉදිකිරීම් සේවකයින් ඇතුළු පෙරටුගාමී භූමිකාවන් 2030 වන විට නිරපේක්ෂ වශයෙන් විශාලතම රැකියා වර්ධනයක් පෙන්නුම් කරන අතර එම වාර්තාව පහතින්…

World News