Latest News

ගුවන් යානයක හදිසි දොර විවෘත කළ අයෙකු අත්අඩංගුවට (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජෙට්බ්ලූ හි ගුවන් මගියෙකු විසින් ගුවන් යානයක හදිසි දොරක් විවෘත කර තිබෙනවා.

මේ නිසා මැසචුසෙට්ස් ප්‍රාන්ත පොලිසිය බොස්ටන්හි ලෝගන් ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොස් එම ගුවන් මගියාව අත්අඩංගුවට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ජෙට්බ්ලූ 161 ගුවන් යානයේ ගමන් කරමින් සිටි මෙම මගියා අනතුරු ඇඟවීමකින් තොරව මෙලෙස ගුවන් යානයේ දොර විවෘත කළේ ඇයි දැයි නොදන්නා බවයි පරීක්ෂණ මෙහෙයවන නිලධාරීන් පවසන්නේ.

කෙසේ වෙතත්, පොලිස් නිලධාරීන් පැමිණෙන තෙක් අනෙකුත් මගීන් ඉක්මනින් එම පුද්ගලයාව පාලනය කර තිබෙනවා.

බලධාරීන් ඔහුව වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා ගෙන ගොස් ඇති අතර, නැගෙනහිර බොස්ටන් දිස්ත්‍රික් අධිකරණයට ඉදිරිපත් කරනු ඇති බවයි පොලීසිය සඳහන් කර ඇත්තේ.

World News

Send your contact Details Today