Latest News

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙක් පාකිස්ථානයේදී අභිරහස් ලෙස මියයයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මානු රාජ්‍ය තාන්ත්‍රිකයෙකුගේ මළ සිරුරක් පාකිස්ථානයේ මහල් නිවාස‍යක තිබී හමුවී තිබෙනවා.

පාකිස්ථානයේ ජර්මානු තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරයා ලෙස සේවය කරන ලද නිලධාරියා එලෙස මිය ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔහුගේ මළ සිරුර එම නිලධාරියා නවාතැන් ගෙන් සිටින ඉස්ලාමාබාද්හි පිහිටි මහල් නිවාස සංකීර්ණයක නිවසක තිබිය දී සොයා ගැනුණු බව පාකිස්ථාන පොලිසිය තහවුරු කළ බවත් එම මාධ්‍ය වාර්තා පවසනවා.

තෝමස් ෆීල්ඩර් නමැති එම රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියා දින දෙකක් පුරා සේවයට වාර්තා නොකිරීම හේතුවෙන් තානාපති කාර්යාලයේ කාර්යය මණ්ඩලය ඔහු සම්බන්ධයෙන් තොරතුරු සොයා බලා තිබූ අතර අනතුරුව ඔහුගේ නවාතැන වෙත පැමිණි තානාපති කාර්යාලයේ සාමාජිකයින් එහි තිබූ ඔහුගේ ඔහුගේ මළ සිරුර සොයා ගෙන ඇති බවයි එම මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ.

අනතුරුව ඔවුන් ඒ සම්බන්ධයෙන් පොලීසිය දැනුවත් කර ඇති අතර, කෙසේ නමුත් මරණයට හේතුව විදෙස් මාධ්‍ය මෙතෙක් වාර්තා කර නැහැ.

World News

Send your contact Details Today