Latest News

Meta විසින් සමාජ මාධ්‍ය සඳහා වූ තවත් සේවාවක් නවතා දමයි

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

Meta සමාගම විසින් සිය සමාජ මාධ්‍ය ජාලයන් තුළ ක්‍රියාත්මක වූ Fact Checking වැඩසටහන නවතා දැමීමට තීරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් Meta සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී Mark Zuckerberg විසින් නිවේදනයක් නිකුත් කර තිබෙන බවයි දැක්වෙන්නේ.

ඒ වෙනුවට X වැනි සමාජ මාධ්‍ය ජාලාවල භාවිතා වන Community Driven පද්ධතියක් හඳුන්වාදීමටයි Meta සමාගමේ ඉදිරි සැලසුම වී ඇත්තේ.

2016 වසරේ දී Meta සමාගම විසින් Fact Checking වැඩසටහන හදුන්වා දුන්නා.

ඒ එම වසරේ දී පැවැති ඇමෙරිකානු ජනාධිපතිවරණයේ දී සිය සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරමින් අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම වැළැක්වීම සඳහායි.

කෙසේවෙතත් මෙම නව වෙනස්කම හරහා ලොව පුරා සිටින Facebook , Instagram, Threads පරිශීලකයන්ට විශාල බලපෑමක් එල්ල කරනු ඇති බවයි විචාරකයන් පවසන්නේ.

World News