ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය අද (27) රාත්‍රි 7.00ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා.
මේ දෙපිලම නායකත්වයෙන් සහ පුහුණුකාරිත්වයෙන් වෙනස්කම් සමඟින් තරග බිමට පිවිසෙන අතර, චරිත් අසලංක ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවන්නේ පළමු වරටයි.
සූර්යකුමාර යාදව් මින් පෙර පසුගිය වසරේ තරග 7කදී ඉන්දීය පිල මෙහෙයවා ඇති අතර,ඉන් තරග 5ක් ඉන්දියාව ජය ගනිද්දී තරග 2ක් පරාජය වී තිබේ. කෙසේ වෙතත් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව නායකත්වය දෙන පළමු අවස්ථාව මෙයයි.
හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, ගෞතම් ගාම්භීර් ඉන්දීය කණ්ඩායමේ නව පුහුණුකරු ලෙසත් මේ තරගාවලියට එක්වනවා.
ජාත්‍යන්තර විස්සයි20 පිටියේදී මේ දෙරට 29 වරක් හමුව ඇති අතර, ඉන් තරග 19ක් ඉන්දියාව ජය ගනිද්දී ශ්‍රී ලංකාව ජයගෙන ඇති තරග සංඛ්‍යාව 9ක් පමණයි.
මේ දෙපිල අවසන් වරට පසුගිය වසරේ ජනවාරි මස ඉන්දියාවේ සත්කාරකත්වයෙන් හමුවූ අතර, එහිදී තරග 3-2ක් ලෙස ඉන්දියාව ජය වාර්තා කළා.
කෙසේ වෙතත් ද්වීපාර්ශ්වික තරගාවලියකින් දෙපිල අවසන් වරට මෙරටදී හමුවූයේ 2021 වසරේදීයී.
එහිදී තරග 3-2ක් ලෙස ජය ගත්තේ ශ්‍රී ලංකාවයි.
ඉන් පසු ශ්‍රී ලංකාව විස්සයි20 තරගාවලියක් ජයගෙන නැහැ.