Latest News

අමෙරිකාවේ සන්නිවේදන සමාගම් 9කට සයිබර් ප්‍රහාර

Published 1 day ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සමාගම් 9කට සයිබර් ප්‍රහාර එල්ල වී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පසුගියදා එරට චාටර් සන්නිවේදන සමාගමට එල්ල වූ සයිබර් ප්‍රහාරය අඛණ්ඩව එවැනි ප්‍රහාරයක් එල්ල වූ 9 වැනි සන්නිවේදන සමාගම බව අමෙරිකානු රජය නිවේදනය කර තිබෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

එම සයිබර් ප්‍රහාරවලට චීනය සම්බන්ධ බවට හඳුනාගෙන ඇතැයි ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ප්‍රකාශ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන අතර එම චෝදනාව චීනය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

අමෙරිකාවේ සයිබර් සහ නව තාක්ෂණ නියෝජ්‍ය ආරක්ෂක උපදේශිකා ඇනා නියුබර්ගර් මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කර ඇත්තේ කමලා හැරිස්, නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ නව උප ජනාධිපති ජේ.ඩී.වැන්ස් ද සයිබර් ප්‍රහාරවල ඉලක්ක වී ඇති බවයි.

එරට ප්‍රධානතම සන්නිවේදන සමාගම්වලට එල්ල වන සයිබර් ප්‍රහාර සම්බන්ධව අමෙරිකානු රජය විසින් ආරක්ෂක උපදෙස් ලබා දී ඇති බවත්, සයිබර් ප්‍රහාර හඳුනා ගැනීමට සහ මැඬ පැවැත්වීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි ද අමෙරිකාවේ ජාතික ආරක්ෂක නියෝජ්‍ය උපදේශිකාව වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

World News