Latest News

ලොව විශිෂ්ටයෝ 19 දෙනකුට, බයිඩ්න්ගෙන් නිදහසේ පදක්කම්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ සමෘද්ධිය, සාරධර්ම හෝ ආරක්ෂාව සමඟ ලෝක සාමය හෝ වෙනත් වැදගත් සමාජයීය සහ පොදු කාර්යභාරය වෙනුවෙන් අමෙරිකාවේ ජනාධිපතිවරයාගේ නිදහසේ පදක්කම මෙවර පුද්ගලයන් 19 දෙනකුට පිරිනමා තිබෙනවා.

එය එරට ඉහළම පුරවැසි සම්මානය ද වන අතර, විශිෂ්ටත්වය අගයමින් 1963 වසරේ සිට නිදහසේ පදක්කම් පිරිනැමෙන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ හිටපු ජනාධිපති අපේක්ෂිකාවක වන හිලරි ක්ලින්ටන්, ප්‍රවීණ හොලිවුඩ් නළු මයිකල් ජේ. ෆොක්ස්, සුපිරි පාපන්දු තරුව ලයනල් මෙසී ඇතුළු දේශපාලන, සංස්කෘතික, කලා හා ක්‍රීඩා ක්ෂේත්‍රය තුළින් ලොව පුරා විශිෂ්ට කාර්යභාරයක් ඉටු කළ පුද්ගලයන් 19 දෙනකුට පසුගියදා ධවල මන්දිරයේදී පදක්කම් පැළඳවීම සිදු කර තිබුණා.

World News

Send your contact Details Today