Latest News

අවුරුදු 19 ක ඊශ්‍රායල් ප්‍රාණ ඇපකාරිනියකගේ වීඩියෝවක් හමාස් සංවිධානයෙන් නිකුත් කරයි

Published 2 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

පැහැරගෙන යන ලද වයස අවුරුදු 19 ක, ඊශ්‍රායල් තරුණියකගේ වීඩියෝවක් හමාස් සංවිධානයෙන් නිකුත් කර තිබෙනවා.

ඒ ගාසා තීරයේ සටන් විරාමයක් සඳහා නව උත්සාහයක් මධ්‍යයේයී.

දින සටහනක් නොමැති පටිගත කිරීමක, ඔක්තෝබර් 7 හමාස් ප්‍රහාරයේදී පැහැරගෙන ගිය කාන්තා සෙබළියන් පස්දෙනාගෙන් එක් අයෙකු වන ලිරි අල්බාග්, බලහත්කාරයෙන් කතා කරමින් දින 450 ක් රඳවාගෙන සිටීම පිළිබඳ තම කණගාටුව පළ කරනවා.

හෙබ්‍රෙව් භාෂාවෙන් කතා කරමින් ඇය තම නිදහස සුරක්ෂිත කරන ලෙස ඊශ්‍රායල රජයෙන් ඉල්ලා සිටින අතර “අද නව වසරක ආරම්භයයි, මුළු ලෝකයම සැමරුම් පවත්වනවා. අපි පමණක් අඳුරු වසරකට, තනිකමේ වසරකට ඇතුළු වෙනවා” ලෙස පවසනවා.

පැහැරගෙන සිටින අතරතුර වයස අවුරුදු 19 සම්පූර්ණ වූ අල්බාග්, නම් නොකළ රැඳවියෙකු තුවාල ලබා ඇති බව එහිදී සඳහන් කරන අතර “අපි ඉතා බියකරු ස්වප්නයක ජීවත් වෙනවා,” ලෙසයි ඇය පවසන්නේ.

මෙම තරුණියගේ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ වීඩියෝව “සිය හදවත් කැබලි වලට ඉරා දමන්නට” සමත්වූ බවයි.

කෙසේවෙතත් “මෙය අපි දන්නා දියණිය සහ සහෝදරිය නොවේ. ඇගේ දැඩි මානසික පීඩනය පැහැදිලිව පෙනේ,” යැයි පැහැරගෙන ගිය සහ අතුරුදහන් වූ පවුල් සඳහා වූ සංසදය විසින් බෙදාහරින ලද ප්‍රකාශයක සඳහන්.

පවුල විසින් අල්බාග් තරුණියගේ වීඩියෝව ප්‍රසිද්ධියේ බෙදා හැරීමට අවසර ලබා දී නොමැති නමුත් ඔවුන් ඡායාරූප දෙකක් නිකුත් කිරීමට අවසර දී තිබෙනවා.

අල්බාග්ගේ ප්‍රියතමයින් ඊශ්‍රායල රජයෙන් සහ ලෝක නායකයින්ගෙන් ඉල්ලා සිටින්නේ වත්මන් සටන් විරාම සාකච්ඡා භාවිතා කර ඉතිරිව සිටින සියලුම ප්‍රාණ ඇප කරුවන් ජීවතුන් අතර රැගෙන එන ලෙසයි.

ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ කාර්යාලය පවසා ඇත්තේ ඔහු අල්බාග්ගේ දෙමාපියන් සමඟ කතා කර ඇති බවත් ප්‍රාණ ඇප කරුවන් ගෙදර ගෙන ඒමේ උත්සාහයන් දිගටම කරන බවයි.

2023 ඔක්තෝබර් 7 වැනිදා හමාස් විසින් පුද්ගලයින් 250 ක් පමණ පැහැරගෙන ගිය අතර පසුගිය වසරේ දෙසැම්බර් මස වන විට 96 දෙනෙකු සංවිධානයේ භාරයේ රඳවා සිටියා.

ගාසාවේ හමාස් පාලිත සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ පසුව සිදු කළ හමුදා ප්‍රහාරය පලස්තීනුවන් 45,805 ක් අවම වශයෙන් මරා දමා තිබෙනවා.

එමෙන්ම පසුගිය පැය 24 තුළ පුද්ගලයින් 88 දෙනෙකු මිය ගොස් තිබෙනවා.

සති දෙකකට පමණ පසු අවසන් වන ඇමරිකානු ජනාධිපති ධුරය දරන ජෝ බයිඩන් හමාස් සංවිධානයට ගිවිසුමකට එළඹෙන ලෙස බල කර ඇති අතර ජනවාරි 20 වන දින දිවුරුම් දෙන නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇත්තේ ඔහුගේ දිවුරුම් දීමට පෙර පණ කරුවන් නිදහස් නොකළහොත් ගාසාවට “අපායක් වනු ඇති” බවයි.

World News