Latest News

බයික් එකක් සයිස් ටූනා මාලුවෙක් ඩොලර් මිලියන 1.3කට විකිණෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

යතුරුපැදියක් තරම් විශාල ප්‍රමාණයකින් යුත් ටූනා මත්ස්‍යයෙක් ඩොලර් මිලියන 1.3ක වාර්තා ගත මුදලකට අළෙවි වූ පුවතක් වාර්තා වනවා.

මෙම අළෙවිය ජපානයේ අගනුවර පිහිටි ටොයෝසු මාළු වෙළෙඳපොළේ වාර්ෂික අලුත් අවුරුදු වෙන්දේසියේ දී සිදු වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ටොයෝසු මාළු වෙළෙඳපොළේ මෙවර වාර්ෂික අලුත් අවුරුදු වෙන්දේසියේ දී ටූනා මත්ස්‍යයෙක් වෙනුවෙන් මෙතෙක් ගෙවූ ඉහළම මිල මෙයවීම ද විශේෂත්වයක්.

ජපානයේ සුෂි ආපනශාලා හිමි ආයතනයක් වන ඔනොඩෙරා සමූහය විසින් මෙම බ්ලූෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයා මිලදී ගෙන ඇති අතර, ඒ සඳහන් ඔවුන් යෙන් මිලියන 207ක් එනම් ඩොලර් මිලියන 1.3ක් ගෙවා තිබෙනවා.

ඔවුන් විසින් මෙලෙස අධික මුදලක් ගෙවා මිල දී ගත් බ්ලූෆින් වර්ගයේ ටූනා මත්ස්‍යයාගේ බර කිලෝග්‍රෑම් 276ක් වනවා.

පසුගිය වසරේ මෙම වෙන්දේසියේ ටූනා මත්ස්‍යයෙක් සඳහා ගෙවූ ඉහළම මිල ලෙස ජපන් යෙන් මිලියන 114ක් බව වාර්තා වනවා.

වෙන්දේසි වාර්තා ආරම්භ වූ දා සිට ඉහළම වෙන්දේසි මිල ලෙස 2019 දී යෙන් මිලියන 333.6ක් ටූනා මත්ස්‍යයෙක් වෙනුවෙන් ගෙවා ඇති අතර, ජපන් “ටූනා කිං” සහ සුෂි අවන්හල් හිමිකරු කියෝෂි කිමුරා විසින් එම මත්ස්‍යයා මිල දී ගෙන තිබෙනවා.

1935 දී විවෘත කරන ලද ටොයෝසු මාළු වෙළඳපොළ, ලෝකයේ විශාලතම මාළු වෙළඳපොළ ලෙස හඳුවන්වන අතර, ටූනා මසුන් වෙන්දේසි සඳහා ප්‍රසිද්ධියක් ද උසුලනවා.

World News

Send your contact Details Today