Latest News

පුස්තකාලයකින් රැගෙන ගිය පොතක් දශක 3 කට පසු ආපසු ලබා දෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අවුරුදු 30 කට පමණ පෙර, එක්සත් රාජධානියේ ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය ළමා කතා පොතක්, පසුගිය නත්තල් දා යළි පුස්තකාලයට ලැබී තිබෙනවා.

පොත යළි ලැබී ඇත්තේ තැපෑලෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් එය කවුරුන් විසින් එවනු ලැබූවක්දැයි සඳහන් වී නැහැ.

පුස්තකාල බලධාරීන් පොත පරීක්ෂා කරද්දී එය වසර 31 කට පෙර, ක්‍රෙඩිටොන් පුස්තකාලයෙන් රැගෙන ගිය එකක් බව තහවුරු වී තිබෙනවා.

පොත සම්බන්ධයෙන් පුස්තකාල බලධාරීන් ඔවුන්ගේ Facebook ගිණුම ඔස්සේ මෙසේ සටහනක් පළ කර තිබෙනවා.

ඒ පොතේ ඡායාරූපයක් මෙන්ම පුස්තකාලයේ රම පොතට අදාල කාඩ්පත ද ප්‍රසිද්ධියට පත් කරමින්.

‘අපේ පුස්තකාලයෙන් රැගෙන ගිය පොතක් ආපසු ලැබුණා. පොත රැගෙන ගියේ කවුරුන්දැයි හෝ එය අපට ආපසු ලැබෙන්න සැලැස්සුවේ කවුරුන්දැයි දන්නේ නැහැ. කියන්න කැමතියි නියමිත දිනයට වඩා වසර 31 කට පසුවයි පොත ආපසු ලැබුණේ.’ යැයි එම ෆේස්බුක් සටහනේ දැක්වෙනවා.

පුස්තකාලයේ කාඩ්පතට අනුව, ‘තෝමස් ඒබීසී’ නමැති මෙම ළමා කතා පොත රැගෙන ගොස් ඇති බවට සටහන් වන්නේ, 1993 මාර්තු 25 වැනිදායි.

නත්තල් දා පොත ලැබුණු බැවින්, එය නත්තලේ සිදුවුණු ‘ප්‍රාතිහාර්යයක්’ ලෙස තමන් සලකන බව පුස්තකාල බලධාරීන් වැඩිදුරටත් පැහැදිලි කර තිබෙනවා.

World News

Send your contact Details Today