Latest News

වයස 116ක් වූ ලොව වයස්ගතම පුද්ගලයා අභාවප්‍රාප්ත වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගිනස් ලෝක වාර්තාවට අනුව ලොව වයස්ගත ම පුද්ගලයා වූ ටොමිකෝ ඉටූකා ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

ඇය මියයන විට වයස අවුරුදු 116ක් සම්පූර්ණ කර සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

උපතින් ජපන් ජාතික කාන්තාවක් වූ ඉටූකා ඊයේ (04) පෙරවරුවේ ජීවිතක්ෂයට පත් වූ බව අෂියා නගරයේ නිලධාරියෙක් සඳහන් කළා.

ඇය මධ්‍යම ජපානයේ Hyogo ප්‍රාන්තයේ වැඩිහිටි රැකවරණ මධ්‍යස්ථානයකදී මියගොස් ඇත්තේ දිගු කලක සිට පැවති අසනීප තත්ත්වයක් හේතුවෙන්.

වර්ෂ 1908 මැයි 23 වැනි දා ඇය උපත ලැබුවා.

ඉටූකා ලොව වයස්ගත පුද්ගලයා බවට පත් වූයේ 2024 වසරේ දී 117 හැවිරිදි වියෙහි පසුවූ මරියා බ්‍රානියස්ගේ අභාවයෙන් පසුවයි.

World News

Send your contact Details Today