Latest News

දකුණු කොරියා හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම නවතී

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියා හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය ක්‍රියාත්මක කළ මෙහෙයුම අත්හිටුවා තිබෙනවා.

හිටපු ජනාධිපති යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීම සඳහා එරට පොලිසිය පැය 6ක මෙහෙයුමක් දියත් කළා.

මෙහෙයුම අවසන් කිරීමට තීරණය කෙරුණේ ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සහ ඔහුගේ ආධාරකරුවන් සමග පොලිසිය ඇතිකර ගත් ගැටුමත් සමඟයි.

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය ඔහුගේ නිවසට පැමිණියා.

ඒත් සමග මෙම මතභේදාත්මක තත්ත්වය මතුව තිබෙනවා.

යුන් සුක් යෙයෝල් අත්අඩංගුවට ගැනීමට සෝල් අධිකරණය වරෙන්තුවක් නිකුත් කර ඇති පරිසරයකයි මෙසේ අත්අඩංගුවට ගැනීමට උත්සහ දරා තිබෙන්නේ.

ඔහු පසුගිය දෙසැම්බර් තුන්වනදා යුද නීතිය පැනවීමට ගත් උත්සාහය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් විභාග වනවා.

World News

Send your contact Details Today