Latest News

වනිඳු කරාබු ගලවයි (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමේ හිටපු නායක වනිඳු හසරංග පැළඳ සිටි කරාබු ගලවා ඉවත් කර තිබෙනවා.

ඉන්දීය කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන විස්සයි20 තරගාවලියට පෙර පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් සඳහා පැමිණෙන විට වනිඳු හසරංග සිය කරාබු ඉවත්කර තබා පැමිණ සිටිනු දක්නට ලැබුණා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුවා වශයෙන් මාස දෙක හමාරක පමණ කාලයක් සඳහා වැඩ භාරගත් සනත් ජයසූරිය මහතා පළමුවෙන්ම කියා සිටියේ ක්‍රීඩකයන් පෞද්ගලික මට්ටමින් කුමක් කළත්, අන්තර්ජාතික තරග සඳහා සහභාගි වීමේදී පච්ච, මාල, වළලු සහ කරාබු ගලවා ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයන් ලෙසින් පිටියට පා තැබිය යුතු බවයි.

තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්, ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගන්නා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් “විනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට පවසා තිබෙනවා.

PHOTO COURTESY: Ishara Kodikara (AFP)

World News

Send your contact Details Today