Latest News

චීන හැඳුනුම්පත් ගැන තායිවානයේ පුරවැසියන්ට අනතුරු ඇඟවීමක්

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

චීන හැඳුනුම්පතක් සමඟ චීනයේ ණය ලබාගෙන එය ආපසු නොගෙවන තායිවාන ජාතිකයන් චීනය සමඟ අන්‍යෝන්‍ය නීතිමය ගිවිසුම් ඇති රටවලට ගියහොත් නඩු විභාගය සඳහා චීනයට පිටුවහල් කළ හැකි බව තායිවානය එරට පුරවැසියන්ට අනතුරු අඟවා තිබෙනවා.

චීන හැඳුනුම්පතක් සමඟින්, තායිවාන ජාතිකයින්ට මූලික ගෙවීමකින් තොරව චීනයේ දේපළ සහ වාහන මිලදී ගත හැකි අතර බැංකු ණය සඳහා අයදුම් කිරීමට ඇපකරයක් ලෙස භාවිතා කළ හැකි බව, තායිවානයේ වංචාවකට අවශ්‍යව සිටින ලින් නමැත්තෙකු වීඩියෝවක් නිකුත් කරමින් පවසා තිබෙනවා.

සමහර තරුණ තායිවාන “ව්‍යවසායකයින්” බැංකුවලින් “අධික ණය” ලබාගෙන, ඉතිරි මුදල තායිවානයට මාරු කිරීමට පෙර අතරමැදියන් සහ චීන නිලධාරීන් සමඟ මුදල් බෙදා ගත් බව ද අනාවරණ වී තිබෙනවා.

එවැනි තායිවාන ජාතිකයින්ට ආපසු චීනයට යාමට අදහසක් නොමැති වුව ද ඔවුන්ට පැන යාමට නොහැකි වනු ඇති බවයි නිර්නාමික ආරක්ෂක නිලධාරියෙක් උපුටා දක්වනින් තායිවාන් ටයිම්ස් පුවත් ඒජන්සිය අනාවරණ කරනවා.

“චීන හැඳුනුම්පතක් නව ජීවිතයකට මාර්ගයක් යැයි ඔබ සිතනු ඇති නමුත් එය ඇත්ත වශයෙන්ම ලෝකයේ අවසානයට මාර්ගය විය හැකිය,” එම නිලධාරියා පැවසීය.

සංක්‍රමණ, රැකියා හෝ විදේශයන්හි අධ්‍යාපනය ලැබීමේදී චීන ජාතිකයන් වෙන කවරදාටත් වඩා බාධකවලට මුහුණ දී සිටින බව ද ඔහු සඳහන් කර තිබෙනවා.

World News