කොවිඩ්-19 වසංගතයෙන් වසර පහකට පසු චීනය තුළ තවත් වෛරසයක් පැතිර යමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එය හැඳින්වෙන්නේ Human metapneumovirus (HMPV) ලෙස බවයි පැවසෙන්නේ.
වෛරසය චීනය තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වන අතර, සමාජ මාධ්‍ය ඔස්සේ චීනයේ පවතින තත්ත්වය පිළිබඳ අදහසක් ලබාගත හැකි බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.
එම වාර්තා අනාවරණ කරන්නේ, රෝගීන්ගෙන් රෝහල් පිරී පවතින බවයි.
එමෙන්ම ආදාහනාගාර ද පිරී ඇති බව නිල නොවන ඇතැම් වාර්තා අනාවරණ කර තිබෙනවා.
අන්තර්ජාලය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් ජනාකීර්ණ රෝහල් දර්ශන පෙන්වනවා.
චීනයේ ඇතැම් සමාජ මාධ්‍ය පරිශීලකයන් පවසන පරිදි රට තුළ ඉන්ෆ්ලුවෙන්සා A, HMPV, Mycoplasma pneumoniae සහ Covid-19 ඇතුළු බහුවිධ වෛරස් සංසරණය වන බවයි පැවසෙන්නේ.
පවතින තත්ත්වය හමුවේ චීනය තුළ හදිසි තත්ත්වයක් පනවා තිබෙන බව පැවසෙන නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් නිල වශයෙන් වාර්තා පළවී නැහැ.
චීනය තුළ මේවනවිට ව්‍යාප්ත වෙමින් පවතින බවට පැවසෙන HMPV උණ වැනි රෝග ලක්ෂණ ඇති කරන බව පැවසෙන නමුත් Covid-19 හා සමාන රෝග ලක්ෂණ ද පෙන්නුම් කෙරෙන බව ද සඳහන්.
වයිරසය ව්‍යාප්ත වීමත් සමඟ චීනයේ සෞඛ්‍ය නිලධාරීන් තත්ත්වය දැඩි ලෙස නිරීක්ෂණය කරන බවයි වාර්තා වන්නේ.