Latest News

එක්සත් රාජධානියෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන් භූමිය සොයාගැනේ (PHOTOS)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

එක්සත් රාජධානියෙන් මෙතෙක් හමුවූ විශාලතම ඩයිනෝසර පා සටහන් භූමිය සොයාගෙන තිබෙනවා.

මීට වසර මිලියන 166 කට පෙර ඩයිනෝසරයන් කලපුවක් හරහා ගමන් කරන විට මෙම පාසටහන් සැදී ඇති බවටයි හඳුනාගෙන ඇත්තේ.

ඔක්ස්ෆර්ඩ්ෂයර් හි ගල් වලකින් සොයා ගෙන ඇති මෙම භූමියෙහි ඩයිනෝසර පාසටහන් 200ක් පමණ දැක ගන්නට ලැබෙනවා.

හුනුගල් තට්ටුවක් හරහා මෙම සත්ත්වයන් ගමන් කිරිමේ දී හටගත් බව කියන පාසටහන් මීටර 150ක් දිගට පවතින බවයි දැකගත හැකි වන්නේ.

World News

Send your contact Details Today