Latest News

ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් පොලිස් ප්‍රධානියා ජිවිතක්ෂයට

Published 4 days ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ගාසා තීරයේ ඛාන් යූනිස් නුවර අවතැන් වූ ජනතාව වෙනුවෙන් ඉදිකර තිබූ කඳවුරකට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් හමාස් පරිපාලනයේ පොලිස් ප්‍රධානියා සහ නියෝජ්‍ය පොලිස් ප්‍රධානියා ජීවිතක්ෂයට පත්වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

අවතැන්වූ ජනතාව වෙනුවෙන් මානුෂික මෙහෙයුමක නිරතව සිටි පොලිස් ප්‍රධානින් ඊශ්‍රායල හමුදාව විසින් ඝාතනය කරනු ලැබූ බවට හමාස් පරිපාලනයේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිවේදනය කර ඇතැයි ද, එම ප්‍රහාරය හෙළා දකින බව ප්‍රකාශ කර ඇතැයි ද එම වාර්තාවල සඳහන්.

එම ගුවන් ප්‍රහාරයෙන් සිවිල් වැසියන් 9 දෙනකුට ද ජීවිත අහිමි වී ඇති අතර, දරුවන් තිදෙනකු සහ කාන්තාවන් තිදෙනකු ද ඒ අතර සිටිනවා.

හමාස් පරිපාලනයේ පොලිස් ප්‍රධානියා ඉලක්ක කරමින් සරණාගත කඳවුරට ප්‍රහාරයක් එල්ල කළ බව ඊශ්‍රායල හමුදාව තහවුරු කර ඇතැයි ද, ගාසා තීරයේ මෙහෙයුම්වල නිරතව සිටින සිය හමුදා කණ්ඩායම්වලට හමාස් සන්නද්ධ අංශයෙන් එල්ල වන ත්‍රස්ත ප්‍රහාර සඳහා පොලිස් ප්‍රධානියා සහාය දුන් බවද ප්‍රකාශ කර තිබෙනවා.

World News