Latest News

ජර්මනියේ ගිණිකෙළි සංදර්ශනයක් අතරතුර 5 දෙනෙක් ජිවිතක්ෂයට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජර්මනියේ ගිණිකෙළි සංදර්ශන අතරතුර සිදු වූ අනතුරකින් 5 දෙනෙකු මිය ගොස් තවත් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

රට පුරා පුද්ගලික ගිණිකෙළි භාවිතය තහනම් කරන ලෙස ඉල්ලා සිටිය ද සෑම වසරකම නව වසර ආරම්භයේ දී ජර්මනියේ නගර පුරා දහස් ගණනක් ගිණිකෙළි සංදර්ශන පැවැත්වෙනවා.

ඊට එරෙහිවන ගිනි නිවන භටයන්ට එම පිරිස් වෙතින් එල්ල වී ඇත්තේ විරෝධයක්.

බර්ලින් අගනුවර අලුත් අවුරුදු උදාවේ දී සිදුවීම් දහසකට අධික සංඛ්‍යාවකට ප්‍රතිචාර දැක්වු බව ගිනි නිවන භටයන් පවසනවා.

හදිසි සේවා නිලධාරීන් 1,500කට අධික පිරිසක් සේවයේ යොදවා තිබුණා.

එම සේවකයන්ට ද ප්‍රහාර එල්ල වී ඇති අතර එක් පොලිස් නිලධාරියෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

World News

Send your contact Details Today