Latest News

ෂාරුක් ඛාන්, ප්‍රංශයේ විශේෂිත රන් කාසියක හිමිකරුවෙකු වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

ජීවිතය ජයගත් ලොව සුප්‍රසිද්ධ පුද්ගලයන්ට ගෞරව කිරීම සඳහා ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරය නිර්මාණය කරන රන් කාසියක හිමිකරුවකු වීමට සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට පසුගියදා හැකියාව ලැබුණා.

ඒ සමඟ ප්‍රංශයේ ග්‍රෙවින් කෞතුකාගාරයේ විශේෂිත රන් කාසියක හිමිකරු වූ ප්‍රථම බොලිවුඩ් තාරකාව වීමටත් දෙවැනි ඉන්දියානුවා වීමටත් ෂාරුක් ඛාන් සමත් වුණා.

මීට පෙර එම ගෞරවය හිමිව තිබුණේ ඉන්දියාවේ මහත්මා ගාන්ධිතුමාටයි.

චිත්‍රපට කර්මාන්තයට ලබා දුන් දායකත්වය සහ චිත්‍රපට කර්මාන්තය තුළ ඔහු පසු කළ කඩඉම් සනිටුහන් කිරීම සඳහා ග්‍රෙවින් කෞතුකාගාරය මෙම රන් කාසිය ෂාරුක් ඛාන්ට පිරි නමා තිබෙනවා.

පැරිස් නුවර ග්‍රෑන්ඩ් බුලවාර්ඩ්හි පිහිටි ග්‍රෙවින් කෞතුකාගාරය ඉටි රූප වෙනුවෙන් ප්‍රසිද්ධ කෞතුකාගාරයක්.

ග්‍රෙවින් ඉටි කෞතුකාගාරය තුළ ෂාරුක් ඛාන්ගේ ඉටි රුවක්ද ප්‍රදර්ශනයට තබා තිබෙනවා.

එසේම එළඹෙන අගෝස්තු 7 සිට 17 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත 77 වැනි ලොකාර්නෝ සිනමා උළෙලේදී සිය වෘත්තීය ජීවිතයේදී ළඟා කරගත් ජයග්‍රහණ සඳහාද ෂාරුක් ඛාන්ට සම්මානයක් ලැබීමට නියමිතයි

එළඹෙන අගෝස්තු මස 10 වැනිදා ඔහුට එම සම්මානය ලැබීමට නියමිත අතර එදින ෂාරුක් ඛාන් රංගනයෙන් දායක වූ දේව්දාස් චිත්‍රපටයද සිනමා උළෙලේදී ප්‍රදර්ශනය කිරීමට නියමිතයි.

World News

Send your contact Details Today