Latest News

ට්‍රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට දී ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා යයි (VIDEO)

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවේ නෙවාඩාවේ ලාස් වේගාස් හි ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයකට පිටත ඉන්ධන කැනිස්ටර් සහ ගිනිකෙළි මෝටාර් පිරවූ ටෙස්ලා සයිබර් ට්‍රක් රථයක් පුපුරා ගොස් තිබෙනවා.

අනතුරින් රියදුරු මිය ගොස් තවත් හත් දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලීසිය පැවසුවේ.

තුවාල ලැබූ සියළු දෙනා යෞවනයන් බව සඳහන්.

මෙම ට්‍රක් රථය කොලරාඩෝ ප්‍රදේශයෙන් කුලියට ගෙන ඇති අතර පිපිරීමට පැය දෙකකට පමණ පෙර නගරයට පැමිණි බවයි පොලිසිය පවසන්නේ.

ට්‍රම්ප්ගේ හෝටලය ඉදිරිපිට වීදුරු දොරටුවක් අසල නවතා තිබූ වාහනය දුම් නැගීමට පටන් ගෙන පසුව පුපුරා ගිය බව සඳහන්.

මේ පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත්තේ, නව ජනපති වීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් හෝටලයක් ඉදිරිපිට සිදුවූ මෙම එලෝන් මස්ක්ගේ රථයක් පිපිරීම ගැන ධවල මන්දිරය අවධානය යොමු කරන බවයි.

World News

Send your contact Details Today