Latest News

විස්සයි විස්ස ‌ශ්‍රේණිගත කිරීම්වල වනිඳුට සහ මහීෂ් තීක්ෂණයට හිමිව ඇති තැන මෙන්න

Published 1 year ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

විස්සයි විස්ස පන්දු යවන්නන්ගේ නවමත ශ්‍රේණිගත කිරීම් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව එහි ප්‍රථම ස්ථානයේ රැඳි සිටින්නේ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩක අඛිල් හුසෙයින්.

එහි දෙවන ස්ථානයේ පසුවන්නේ, එංගලන්ත කණ්ඩායමේ ආධීල් රෂිඩ්.

ඒ අනුව වනිඳු හසරංග අදාළ ශ්‍රේණිගත කිරීම්වල තෙවන ස්ථානයේ පසුවන අතර මහීෂ් තීක්ෂණ එහි පස් වන ස්ථානයේ පසුවනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැති විස්සයි විස්ස තරගවල විශිෂ්ට දක්ෂතා දැක්වූ නවසීලන්තයේ ජැකෝබ් ඩුෆි ස්ථාන 121ක් ඉදිරියට පැමිණ ඇති බව සඳහන්.

ඒ අනුව ඔහු පසුවන්නේ 53වන ස්ථානයේයි.

World News

Send your contact Details Today