Latest News

නව වසර උදාව අඳුරේම සමරපු රට

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

අමෙරිකාවට අයත් පාලන ප්‍රදේශයක් ලෙස සැලකෙන පුවර්ටෝ රීකෝ කැරිබියානු දූපත් රාජ්‍යයේ වැසියන් මිලියන තුනකට වැඩි පිරිසක්, විදුලි බලය නොමැතිව නව වසර උදාව පිළිගත්තා.

පුවර්ටෝ රීකෝ රාජ්‍යය, නව වසර උදාවට ඔන්න මෙන්න කියා තිබියදී අඳුරේ ගිලී ගියේ, එහි ජාතික විදුලි බල පද්ධතිය බිඳ වැටීම හේතුවෙන්.

2017 වසරේ ‘මරියා’ සුළි කුණාටුවේ බලපෑමට පුවර්ටෝ රීකෝ දූපත් රාජ්‍යය හසුව රටේ විදුලිබල පද්ධතියට දරුණු ලෙස හානි සිදුවූයේ එම සුළි කුණාටුවෙන්.

මේ වනතුරු එය යථා තත්ත්වයට පත් කර ගැනීමට නොහැකි වුණු අතර, පසුගිය වසරේ පැය ගණනින් දූපත් රාජ්‍යයේ තැනිත් තැන විදුලිය බිඳ වැටීම් සිදුවුණා.

කෙසේ නමුත් මහා විදුලිය බිඳ වැටීමකින් මුළු දූපතම අඳුරු වුණු පළමු අවස්ථාව මෙය බවයි පැවසෙන්නේ.

World News

Send your contact Details Today