Latest News

ජේජු එයාර් ගුවන් යානයට සිදු වූ දේ සොයා ගැනීමට තිබූ පියසැරි දත්ත ගබඩා උපකරණයේ අත්‍යාවශ්‍ය කොටසක් අතුරුදන්

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දකුණු කොරියාවේ මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී 179 දෙනෙකුට මරු කැඳවමින් පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ ජේජු එයාර් ගුවන් යානයට සැබැවින්ම සිදුවූයේ කුමක්දැයි දැනගැනීමට අවස්ථාව තිබූ පියසැරි දත්ත ගබඩා උපකරණයේ අත්‍යාවශ්‍ය කොටසක් අතුරුදන් වී ඇති බවත් ඒ හේතුවෙන් විමර්ශන කටයුතු ප්‍රමාද වනු ඇති බවත් දකුණු කොරියානු බලධාරීන් අද (31) ප්‍රකාශ කළා.

යානයේ සුන්බුන් අතරින් විමර්ශකයින් සොයාගත් කළු පෙට්ටි දෙකෙන් එකක් වන මෙම පියසැරි දත්ත ගබඩා උපකරණය ගුවන් යානයක උන්නතාංශය සහ ගුවන් වේගය වැනි ගුවන් යානා පරාමිතීන් නිරීක්ෂණය කරනවා.

පියසැරි දත්ත ගබඩා කිරීමේ ඒකකය බලශක්ති ගබඩා ඒකකයට සම්බන්ධ කරන සම්බන්ධකයක් එහි නොමැති බවයි දකුණු කොරියානු ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා ඇත්තේ.

ඒ හේතුවෙන් විශේෂඥයින් රෙකෝඩරය තුළ ඇති දත්ත ප්‍රතිස්ථාපනය කිරීමට ක්‍රම අඛණ්ඩව සොයමින් සිටින බව සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජූ ජොං වන් අද (31) පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.

හැකි ඉක්මනින් සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ දරණ බවද ඔහු පැවැසුවා.

ගුවන්විදුලි සම්ප්‍රේෂණ සහ ගුවන් නියමුවන්ගේ කටහඬ මෙන්ම එන්ජින් ශබ්ද වාර්තා කරන නියමු කුටියේ හඬ පටිගත කිරීමේ යන්ත්‍රය ලෙස හැඳින්වෙන දෙවැනි කළු පෙට්ටියද විමර්ශකයන් මේ වනවිට සොයාගෙන තිබෙන බවයි පැවැසෙන්නේ.

ඇමෙරිකානු ෆෙඩරල් ගුවන් පරිපාලන නිලධාරීන්, බෝයිං ගුවන් යානා නිෂ්පාදන සමාගම සහ දකුණු කොරියානු බලධාරීන් එක්ව ගුවන් යානය අනතුරට පත්වීම පිළිබඳව විමර්ශනය සිදුකරනු ලබනවා.

තායිලනත්යේ බැංකොක් අගනුවර සිට දකුණු කොරියාව වෙත පියාසර කළ ජේජු එයාර් ගුවන් සේවය අයත් ගුවන් යානය පසුගිය 29 වැනිදා අනතුරට පත්වූ අතර ඉන් එහි ගමන් ගත් ගුවන් මගීන් සියලු දෙනා සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් සිව් දෙනකු මරණයට පත්වුණා.

ගොඩබෑමේ රෝද නිසිලෙස ක්‍රියාත්මක නොවීම හේතුවෙන් අධික වේගයෙන් පැමිණි ගුවන් යානය ධාවන පථය අවසානයේ තිබූ තාප්පයක වැදීමෙන් පුපුරා ගියා.

නමුත් ගොඩබෑමේ රෝද නිසිලෙස ක්‍රියාත්මක නොවීමට හේතුව සැබැවින්ම කුරුල්ලන් දැයි ගුවන් යානා ක්ෂේත්‍රයේ විශේෂඥයන් ප්‍රශ්න කර තිබෙනවා.

අනතුර සිදුවූ ධාවන පථයට ගොඩ බෑම සිදුකළහොත් එම තාප්පයේ ගැටීය හැකි බවට මුවන් ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ පාලන මැදිරිය නියමුවන්ට අනතුරු අඟවා තිබුණත් ඊට මිනිත්තු තුනකට පසුව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරමින් ගුවන් යානය ගොඩබා ඇති බවයි පැවසෙන්නේ.

කුරුලු ප්‍රහාරයකදී ගුවන් යානයේ එන්ජිම අක්‍රිය විය හැකි වුවත් එය වැළැක්වීමටත් ගුවන් යානයක් සතුව ආරක්‍ෂිත පද්ධති කීපයක් තිබෙන බව ගුවන් උපදේශක මයික් බොයිඩ් ෆොක්ස් පුවත්සේවයට ප්‍රකාශ කර තිබුණා.

අනතුරට හේතුව කුරුල්ලන් බව කීම කිසිම තේරුමක් තිබෙන හේතුවක් නොවන බවද ඔහු පැවැසුවා.

ගුවන් යානය ගොඩබෑ ධාවන පථය අඩි 9,200 ක දීර්ඝ ධාවන පථයක් බවත් ගුවන් යානය අධික වේගයකින් ධාවන පථයට ගොඩබෑ බව සැබෑවක් බවත් ඔහු ප්‍රකාශ කළා.

එයාර්ලයින් නිව්ස්හි ප්‍රවෘත්ති සංස්කාරක ජෙෆ්රි තෝමස් ප්‍රශ්න කර ඇත්තේ අඩි 9,200 ධාවන පථයේ මැදට ගුවන් යානය ගොඩ බෑමට හේතුව කුමක් විය හැකිද යන්නයි.

ගුවන් අනතුරට හේතුව නිශ්චිතව ප්‍රකාශයට පත්කර නොමැති මොහොතක දකුණු කොරියානු අධිකරණ අමාත්‍යාංශයට මෙය ත්‍රස්තවාදී ප්‍රහාරයක් යැයි පවසමින් විද්‍යුත් ලිපියක් ලැබී තිබෙන බවද පැවැසෙනවා.

කෙසේවෙතත් ගුවන් නියමුවා දකුණු කොරියානු ගුවන් හමුදාවේ සිටි පළපුරුදු නියමුවකු බවද සඳහන්.

එසේම ගුවන් යානය අනතුරට පත්වන අවස්ථාවේ මුවන් ගුවන් තොටුපොළ ක්‍රියාකළ ආකාරය පිළිබඳවද ප්‍රශ්න නැගී ඇති අතර විමර්ශනයෙන් මේ වන විට ලැබී ඇත්තේ විසඳුම් නොව තවත් ප්‍රශ්න බව පැවැසෙනවා.

World News

Send your contact Details Today