Latest News

අධික මීදුම නිසා බ්‍රිතාන්‍යයේ ගුවන් ගමන් රැසක් අවලංගු වෙයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

බ්‍රිතාන්‍යයේ හීත්‍රෝ සහ ගැට්වික් හි ගුවන් තොටුපොලවල ගුවන් ගමන් විශාල් සංඛ්‍යාවක් අවලංගු කර හෝ ප්‍රමාද කර ඇති බව විදෙස් වාර්තා පවසනවා.

ඒ එම ප්‍රදේශවල අධික මීදුම් සහිත තත්ත්වයක් පැවතීමත් සමඟයි.

අඩු දෘශ්‍යතාවක් ඇති ස්ථාන සඳහා “තාවකාලික” ගුවන් සීමා කිරීම් පවතිනු ඇති බවයි එක්සත් රාජධානියේ ප්‍රධාන ගුවන් ගමනාගමන පාලන සැපයුම්කරු ප්‍රකාශ කළේ.

එංගලන්තයේ සහ වේල්සයේ බොහෝ ප්‍රදේශවල මීදුම පවතිනු ඇති බවත්, විශේෂයෙන් දකුණු ප්‍රදේශවල එය වැඩි කාලයක් පවතිනු ඇති බවත් ඔවුන් සඳහන් කර තිබෙනවා.

මේ නිසා ගුවන් තොටුපොලට පැමිණීමට පෙර මගීන්ට ඔවුන්ගේ ගුවන් ගමන් තත්ත්වය පිළිබඳ පරීක්ෂා කරන ලෙසයි උපදෙස් දී ඇත්තේ.

World News

Send your contact Details Today