Latest News

අසර්බයිජානියානු ගුවන් යානය බිම හෙළීමට, රුසියාව වගකිව යුතු බව අමෙරිකා එක්සත් ජනපදය පවසයි

Published 2 years ago

සම්පූර්ණ කතාව කියවන්න පිවිසෙන්න www.radiowesl.com

දෙසැම්බර් 25 වන දින පුද්ගලයින් 38 දෙනෙකුට මරු කැඳවමින් අනතුරට ලක් වූ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් ගුවන් යානය කඩා වැටීමට රුසියාව වගකිව යුතු බවට අමෙරිකා එක්සත් ජනපදය විශ්වාස කරන බව ධවල මන්දිර ප්‍රකාශක ජෝන් කර්බි පවසනවා.

අසර්බයිජාන් ගුවන් සේවයට අයත් මෙම J2-8243 යානය අනතුරට ලක් වන විට එහි මගීන් 67 දෙනෙකු ගමන් කරමින් සිටි බව සඳහන්.

මාධ්‍යවේදීන් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ මෙම අනතුර පිළිබඳ විමර්ශනයට අමෙරිකා එක්සත් ජනපදය සහාය ලබා දුන් බවයි.

මෙම යානය කැස්පියන් මුහුද හරහා කසකස්තානයට හරවා යැවීමට පෙර චෙච්නියාවට ගොඩබෑමට උත්සාහ කිරීමේදී රුසියානු ගුවන් ආරක්ෂක පද්ධතිවලින් යානය ප්‍රහාරයට ලක්ව ඇති බව සැලකෙනවා.

යානය කඩා වැටී ඇත්තේ එහිදීයි.

නමුත් මේ පිළිබඳව අදහස් දැක්වීම ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කර ඇතත්, රුසියානු සිවිල් ගුවන් සේවා ඒජන්සියේ ප්‍රධානියා පවසා ඇත්තේ, යුක්‍රේන ඩ්‍රෝන යානා කලාපයට එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් චෙච්නියාවේ තත්වය “ඉතා සංකීර්ණ” බවයි.

World News

Send your contact Details Today